Skip to content Skip to footer
පත් ඉරු202
පරිමාණයසෙන්ටිමීටර් 41 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඩෙ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ලිඛායපාලිණා ධමමා නවකොටිසහසසකං කපපං අකඛරගනනාය
චකකවතති භවිසසති෴ යී෴ යන මෙ ගාථාවෙහි අභිප්‍රාව නම් සුරාසුරවර මකුටමනි කිරණ තරුනප්‍රභාවි භාසුර
පාදාරවින්‍ද වන්‍ද ඇති තිලොගුරු බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද හෙයින් සුත්‍රාභිධමර්‍මවිනය යන සවාසුදහසක්
ධමර්‍මසකන්‍ධයන් අතුරෙන් එක්තරා දහම් පදයක් ලිවුවෝ ද ලියවුවොද යන සති පුර්‍ෂාදි කෙනෙක් ඇතනම් නොහොත්
සූත්‍ර පිටකය විනය පිටකය අභිධමර්‍ම පිටකය යන පිටකත්‍රයෙ…
එ දුටුගැමුනු රජජුරුවන් ගේ භාඬාරය රක්‍ෂාවෙහි හිටි සංඝ නම් අමාතතයා එ බුදුන්ට අග්‍ර උපසථායක වනනාහා෴ එ
භාඬාරීන් ගේ දූ උපසථායිකා වනනාහා෴ මෙසේ මොහු හැම දෙනම මාහැඟි වු කොට පින් කරන ලදදා වු එ මෛත්‍රි
බුදුන් ගෙන් බන අසා සිවුපිළිසිඹියාපත් රහත් ව කෙලවර නිරුපධිසේෂ නිර්‍වාන ධාතුවෙන් පිරිනිවන් පෑ වදාල සේක
නොහොත් නිවන්පුර වදනාහු ය෴෴ සකලවිද්‍යාචක්‍රවර්‍තති ප්‍රාකම කල තුපව`ශය කියා නිමවන ලදී෴෴෴
සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ කල්‍යානමසතු෴෴ ශ්‍රි ජයමසතු෴෴ බොජජඟමසතු෴෴෴
විජයොසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com