Skip to content Skip to footer
පත් ඉරු520
පරිමාණයසෙන්ටිමීටර් 62 x 5.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ද්‍ව ඞෛ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 63 x 6.
වැඩිදුර විස්තරය

1- රතු පැහැ පසුබිම මත කහ සහ කළු පැහැයෙන් මල් ලියකම් ඇත. ඇතුළත රතු, කහ, කළු වර්ණ
භාවිතයෙන් බුදුන් වහන්සේත් සැරියුත් මුගලන් වහන්සේ දෙ නමත් සිතුවම් කොට ඇත. මුගලන්
වහන්සේ දැක්වීමේ දී කොළ පැහැයෙන් වර්ණ ගන්වා තිබේ. 2- පිටත රතු කහ සහ කළු වර්ණ
භාවිතයෙන් මල් ලියකම් කොට තිබේ.
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මහ පොලොව සේ තුන් ලොවට පිහිට ගුණ ඇති
මහ මුහුද සේ ගැඹුරු වු ගුණ ඇති ආකාසය සේ අනනත වූ ගුණ ඇති මහ මෙර සේ සාර වූ ගුණ ඇති
ඉරු මඬල සේ තෙජස් ගුණ ඇති සඳ මඬල සේ සෞම්‍ය වූ ගුණ ඇති කරුණාවෙන් සිහිල් වූ සිත් ඇති
අප තිලෝගුරු …
එසේ ම උභය කුළ පරිශුද්‍ධ වූ බ්‍රහමවතී නම් බැමිනි කෙණෙක් මවු වෙති ෴ අසොක නම් තෙර කෙණෙක්
දකුණත් සවු වන සේක බ්‍රහමදෙව නම් තෙර නමෙක් වමත් සවු වන සේක ෴ උපසථායක තෙරුන්
වහන්සේ සීහ ණම් වන සේක පදුමා ය සුමණ ය යන මෙහෙනිනෙනා දෙදෙනෙක් අග්‍ර ස්‍රාවිකා වෙති ෴
සුධතත නම් පුත් සංඝ නම් වූත් උපාසකවරු දෙනෙක් උපස්ථාන කෙරෙති ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com