Skip to content Skip to footer
පත් ඉරු550
පරිමාණයසෙන්ටිමීටර් 69.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘සවඣෞ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහ පොළොව සේ තුන් ලොවට පිහිට ගුණ ඇති මහ මුහුද සේ
ගැඹුරු ගුණ ඇති ආකාසය සේ අනනත ගුණ ඇති මහමෙර සේ සාරගුණ ඇති ඉරු මඬල සේ තෙජස් ගුණ ඇති සඳ
මඬල සේ සෞම්‍ය ගුණ ඇති කරුණාවෙන් සිහිල් වූ සිත් ඇති෴ අප තිලොගුරු බුදුරජාණන් වහන්සේ මෙතෙනට
සාරාසංඛ්‍ය කප්ලක්‍ෂයකින් යට දීපංකර නම් බුදුන් සමයෙහි සිව් පෙදෙන් යුත් ගාථා මාත්‍රයක් අසා සවු කෙලෙස් නසා
ගෙවා රහත්‍වන්ට නිසි පින්කම් ඇතත් සියලලවුන් කෙරෙහි කළ කරුණාවෙන් සායෙහි ලද බතක් බොහො දෙනා බල
බලා සිටිය දී තනි ව වැද හිද කනනා සේ ගගග
තව ද යම් සෙ දියෙන්‍වන භයෙක් දිය මුලව වෙ ද ගිනෙනන් නො වෙ ද ගිනෙනන්‍වන භයට ගිනි ම මුල් වත් මුත් පැන්
මුල් නො වෙ ද෴ එ පරිදෙදන් යම්කිසි භයෙක් උපදී නම් බාල යම් මුලව උපදුන් මුත් නුවනැතතවුනනිසා කිසිත් භයක්
නැති හෙයිනුත් බාලයන් හා එක්‍වීම නම් නපුරු෴ පුරාණකශ්‍යපාදී නිවටුන් ගෙන් එකක්හු මුලව උන් හා එක්‍වීමෙන්
අසූ දහසක් අසූ දහසක් පමණ සතතු නරකයෙ උපන්හ නිවන් පතා පින් කළ අජාසත් රජජුරුවො දෙවි දතුන් ගෙ
සමවායෙන් එ ජා(ති)යෙහි ලබණ නිවන් පිරිහුණ හ෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com