Skip to content Skip to footer
පත් ඉරු80
පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5
පත් ඉරු අංකනය‘ඞො’ සිට ‘ද’ තෙක්
කම්බ

සෙන්ටිමීටර් 45 × 5.5, පළමු කම්බයේ පිටත රතු පැහැති පසුබිමක් මත කළු සහ කහ වර්ණ භාවිතයෙන් ලියකම්
රටා හා මනඃකල්පිත සත්ත්වයකු ගේ රූ සටහන් ද්විත්වයක් දෙ පසින් සිතුවම් කර ඇත. කම්බය ඇතුළත රතු පැහැති
පසු බිමක් මත කළු සහ කහ පැහැයෙන් වෙස්සන්තර ජාතකය සිතුවම් කර ඇත. වෙස්සන්තර රජු ගේ තුලාභාර දාන,
ජූජක බමුණා ගේ පැමිණීම හා වෙස්සන්තර රජු දරුවන් දන්දීම ආදි අවස්ථා කම්බයේ ඇතුළත දක්නට ලැබේ. දෙවැනි
කම්බය පිටත රතු පැහැති පසුබිමක් මත කළු සහ කහ පැහැයෙන් ලියකම් රටා හා මධ්‍යයේ මකර මුහුණක් සිතුවම්
කොට ඇත. කම්බය ඇතුළත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු පැහැයෙන් දිය කිඳුරු රුවක්, ලිය කිඳුරු රුවක්,
නාගයකු මුවින් ගත් ගුරුළු රුවක්, මුව රුවක්, මල් ලියකම් ආදි රූප සටහන් කීපයක් සිතුවම් කර තිබේ.

වැඩිදුර විස්තරය

…දුය යි යනාදි වශයෙන් බැස බැස ආයු වැලන්‍දුහ෴ දසරත ජාතකයෙහි වදාලේ මණෝ෴ දස වසස සහසසානි
ස`ඨිවසස සතානි ච ජඹුහිවො මහාබාණූ රාමො රජජමකාරයි෴ තව ද එක් ලක්‍ෂයක් රජුන් ගෙන් කෙළවර `විතීය
ඔකඛාක නම් රජෙක් වී ය ඔහු ගේ පරමපරායෙහි උධය භද්‍ධය ධන`ජය කෝරබ්‍ය ය වේදේහ ය ස`ජය වෙසසනත්‍රාය යි
සිංහවාහණ ය යනාදී වූ …
එ බස් ඇසූ ඇත් ආපසු කරකැවී සිට කියනෙන් තා හා මා හා කුමන යුද්‍ධ කරනෙන් ය මාගේ පිරිසිදු පයින් තා
නොමඬිමී යහපත් වූ දලයකින් ඇන්නොත් වුව ද මාගේ සොඬින් … ගසක් වුව … එසේ හෙයින් තව අනික් දෙයකින්
නිග්‍රහ නොකරෙමි අසූචියෙන් ම නිග්‍රහා කෙරෙමි යි කියා කුරුමිනියා ලඟට අවුත් ව…ස් පිඩක් ඌ …

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com