Skip to content Skip to footer
පත් ඉරු237
පරිමාණයසෙන්ටිමීටර් 36 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤඃ’ දක්වා,
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමෝ තසස භගවතෝ අරහතෝ සමමා සඹුද්‍ධසස෴ නත්‍වාහං භවකනතාරං තරනං රතනතතයං පකාසෙසසාමි භාසය
සද්‍ධමමං දීපවාසිනං෴ සකල සත්‍වර්‍ගගයා කෙරෙහි පතල කරුනාවෙන් සාරාසංකෙය්‍ය කල්ප ලක්‍ෂයක් මුළුලෙලහි
දාන සීලාදී සමතිස් පෙරුම් පුරා බොධිපර්‍ය්‍යංකරූඪ ව මාර පරාජය කොට සවාසනා සර්‍ව කෙල්ශයනනසා බුදු වූ සර්‍වඥ
රාජොතතමයන් වහන්සේ ගෙ සද්‍ධර්‍මමය පවතිනා කාලය බුද්‍ධොතපාදකාල නමගගග
මෙ බඳු සද්‍ධර්‍මමශ්‍රවනයක් ද මෙ බඳු මනුෂ්‍යත්මභාවයක් ද මෙ බඳු කල්‍යාණ ප්‍රතිලාභයක් ද ලත් තැනදී දානය පුරුදු
නො කළහොත් මතු දන් පුරුදු කරන්නට සුදුසු කලක් වත් අවවාද කිරිමට සුදුසු කල්‍යාණ මිත්‍ර කෙනෙකුන්වන් සද්‍ධර්‍මම
ශ්‍රවණයක් වත් දන් නුදුන් තොපට මතු මනුෂ්‍යාත්මභාව ප්‍රතිලාභයක් වත් දුර්‍ලලභ හෙයින් සිතෙයි ලොභමාශචරියාදි වූ
අකුශලයන් පහ කොට ශ්‍රද්‍ධා ප්‍රඥාදි වූ කුශලයන් වඩාගෙන සිතුනු සිතුනු විට සනෙතාෂ උපදවනනා වු මරණසන්නයෙහි
සිහිවනනට සුදුසු වූ උතුමවූ දන්‍දී මතු උපනුපන් තැන්හි භව භොග සමපත් ලැබ මතු මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනා
පරිදෙදන් උත්සාහ කටයුතු෴෴෴ දානපරිචෙඡදය යි෴෴෴ සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com