ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පූජාවලියේ කොටසක් Pujavaliye Kotasak ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු223පරිමාණයසෙන්ටිමීටර් 61 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ණා’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සම්මා සඹුද්‍ධසස෴ ති෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිදු අනුතතරො පුරිසදමම සාරථි සත්ථා දෙව මනුසසානං බුද්ධො භගවාති෴ ඉතිපි මේ කාරණයෙන්ද෴ සො භගවා බුද්ධො එ භාග්‍යවත්වූ බුදු රජානන්වහන්සේ ඉතිපි අරහං මුළුලො වැසියන් විසින් කරණ ලද ආමිස පූජා ප්‍රතිපතති පූජාවට සුදුසු හෙයින්ද තමන් රහසත් පව් නො කරණ හෙයින්ද කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින්ද කෙලෙසුන් නමැති සතුරන් නැසූ හෙයින්ද…තව ද සිවි ජාතකයෙහි සවාමිදරුවන් තාපස ධමර්මය පූරණය කරණ සමයෙහි ඔබගේ ම උපදෙසින් කුකකුට මා`ශානුභවය කොට බරණැස්නුවර රාජජය ලදින් බොහෝ දවසක් ඔබට ම උපස්ථාන කලා වු එකල ඒ හසත්යාචාරී නමුදු මෙකල මේ අනඳ මහතෙරුන් වහන්සේ ම ය෴ තව ද මහා අසවරෝහ ජාතකයෙහි සවාමීදරුවන් බරණැස් රජ කල තුමු ගොවි කුලයෙහි ඉපද එක්ව ම බොහෝ කලක් රජ සුව දුනනා වු එ කල ඒ ප්රත්යනතවාසී වූ පුර්ෂයාණෝ මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය෴ තව ද …ට ජාතකයෙහි සවාමීදරුවන් මහණ දම් පුරණ කල බොහෝ දවසක් ආදරයෙම්…පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0109What's your reaction?0Cool0Bad0Happy0Sad