පත් ඉරු | 21 |
පරිමාණය | සෙන්ටිමීටර් 43 × 5.5 |
පත් ඉරු අංකනය | ‘ඛ’ සිට ‘ගු’ තෙක් |
කම්බ | සෙන්ටිමීටර් 45.5 × 5.5, කම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කළු සහ කහ වර්ණ භාවිතයෙන් මල් ලියකම් හා මෝස්තර රටා සිතුවම් කර ඇත. කම්බ ඇතුළත රතු පැහැති පසුබිමක් මක කහ, රතු, කොළ සහ කළු වර්ණවලින් සස ජාතකයේ අවස්ථා කීපයක් සිතුවම් කර ඇත. ඒ අනුව පළමු කම්බය ඇතුළත සක් දෙවිඳු පැමිණ සිවලා සහ මස්කාවා ගේ ශීලය පරික්ෂා කිරීමත්, දෙවැනි කම්බය ඇතුළත සිවලා ගේ හා සාවා ගේ ශීලය පරික්ෂා කිරීම මෙන් ම සස පණ්ඩිතයෝ ගින්නට පැනීමත්, සක්දෙවිඳු සස රුවක් චන්ද්‍රයා ගේ සිතුවම් කිරීමත් ඇඳ ඇත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං යන මේ පදය ආදි කොට ඇති අනාථපිඬිකසස ආරාමෙ යන මෙ පදය අවසන් කොට ඇති මේ පාඨය බුද්‍ධ භාසිත පාඨයෙක් නොවෙ, යලි කවර භාසිතයෙක් ද යත්෴ භාසිත ද෴ බුද්‍ධ භාසිතය ශ්‍රාවක භාසිතය සෘෂි භාසිතය දෙව භාසිතය යි කියා චතුවි_ධ වේ෴ එහි෴ අසෙවනාච බාලානං … නැවතත් දෝතින් පැන් ගෙන දකුණු දිග ය පෑළ දිග ය උතුරු දිග ය යන තුන් දිශාවට පළමු පරිදෙදන් ම පැන් දැමූහ෴ එ සියළු දිශා භාගයෙහි එකී එකී දිග සොළසක් සොළසක් බැගින් සූසැටක් කප්රුක් පහළ විය෴ ඒ පසේ බුදුනට පිළිගැන්‍වූ එක ම වසත්‍රයෙහි ආනිසංසයෙන් දිව්‍ය සමපත්‍විද නන්‍දිය රජ ව උපන් කල්හි සතර දිසාවෙහි සොළසක් සොළසක් බැගින් සැට සතරක් කප් රුක් පහළ වූවාහු ය෴෴෴ |
පොත් වල හිමිකරු | බෞද්ධෝදය විහාරය පාලටුව, මාතර |
Tags: BDVP-0035