Skip to content Skip to footer

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (අසම්පූර්ණ යි) Pansiya Panasa Jathaka Poth Wahanse (incomplete)

පත් ඉරු588
පරිමාණයසෙන්ටිමීටර් 71 x 6,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ද්‍ව ගෞ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 72 x 6.5, 1- කම්බය පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණයෙන් මෝස්තර
රටා සහ ලියකම් රටාවලින ් අලංකාර කොට ඇත. කම්බය වටා කළු සහ කහ පැහැයෙන ් සිතුවම් කර ඇති
පලා පෙති රටාවක් දක්නට ලැබේ. කම්බය ඇතුල් පැත්තේ, කම්බය මධ්‍යයට වන්නට ආසනයක් මත හිඳ
සිටින බුදුන් වහන්සේ ගේ සිතුවමක් දක්නට ලැබෙන අතර උන් වහන්සේ වටා විවිධ ප්‍රමාණයේ මල් කළු,
රතු සහ කහ පැහැය උපයෝග ී කරගෙන සිතුවම් කර තිබේ. කම්බය දෙ පස විශාල ප්‍රමාණයේ මල් දෙකක්
සහ ඊට තරමක් කුඩා මල් දෙක බැගින් එ ් අසල ම සිතුවම් කර ඇත. බුදුන් වහන්සේ ගේ දකුණු පසින්
උන්වහන්සේට වැඳැගෙන සිටින ම ුගලන් මහ රහතන් වහන්සේ හා උන්වහන්සේ පසු පස තවත් භික්ෂූන්
වහන්සේලා දහ හතර නමක් වැඳගෙන සිටින සේ සිතුවම් නිර්මාණය කර තිබේ. ම ුගලන් හිමියන් තද
නිල් පැහැයෙන ් වර්ණ ගන්වා තිබේ. සියළු භික ්ෂූන් වහන්සේලා ගේ හිස වටා රැස් වලලු දක්නට ලැබේ.
බුදුන් වහන්සේ ගේ වම් පසින ් උන් වහන්සේට වැඳැගෙන සිටින සැරිය ුත් මහ රහතන් වහන්සේ සහ
තවත් භික්ෂූන ් වහන්සේලා දහ හතර නමකි. මේ සියළු සිතුවම් රතු පැහැ පසුබිමක් මත සිතුවම් වී ඇත.
2- කම්බය පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණයෙන් මෝස්තර රටා සහ ලියකම් රටාවලින්
අලංකාර කොට ඇත. කම්බය වටා කළු සහ කහ පැහැයෙන ් සිතුවම් කර ඇති පලා පෙති රටාවක ් දක්නට
ලැබේ. කම්බය ඇතුල් පැත්තේ, රතු පැහැ පසුබිමක් මත කළු, රතු සහ කහ වර්ණ උපයෝගී කොටගෙන
සිතුවම් කරන ලද ස්තූප දහ හතරක සිතුවම් පවතී. කම්බය දෙ පස විශාල ප්‍රමාණයේ මල් දෙකකි. කම්බය
ඉහළින ් කළු පැහැයෙන ් සිතුවම් කළ කොඩි වැල් රටාවක් ද, කම්බය පහළින් රතු පැහැති ආවරණයක් තුළ
කහ පැහැයෙන ් සිතුවම් කළ වෘත්තයක ් මත, රතු පැහැති ආවරණයක් තුළ කළු පැහැයෙන ් සිතුවම් කරන
ලද වෘත්ත පෙළකි. සමස්ත සිතුවම් රතු පැහැති පසුබිමක් මත සිතුවම් කර තිබේ.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ශාක්‍ය කුල තිලක වූ පරදුකඛ දුකඛිත වූ කරුණා
නිධාන වූ අසරණ සරණ වූ සමනතභද්‍ර වූ තිලොගුරු සම්‍යක් සඹුදුරජානන් වහන්සේ මෙ මහා භද්‍ර කලපයට
සාරාසංඛෙය්‍ය කප් ලක්‍ෂයකින ් යට සාරමබබ නම් කල්පයෙහි තණහංකර ය මෙධංකර ය සරණංකර ය යි
තුන ් බුදු කෙනකුන්ට …
සාගර ණම් රජජුරුවො තමං අනතඃප ුරයට මලනුවන් වැරද ගිය බව දැක ළුහුබදවා ගත් ගමනෙ උපසාගර
කුමාරයො අසිතතත නම් නුවරට ගොසින් එකසථමභ මාලිගාව දැක මෙ කාගෙ මාලිගාවෙක් දැ යි විචාල
ගමනෙ දෙවගර්‍බභ නම් බිසඋන් ඉදිනා මාලිගාව ය යි කියා අසා නම ඇසු ගමනෙ ම ප්‍රතිබද්‍ධ වු සිත් ඇති
ව නන්‍ද ගොපාල නම් කොලල සවමිපයට ගොස් කථා කොට බිසවුන ් ලබබවා ගතතාහ රාජ කුමාරයො
පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com