ත්‍රිපිටක අධ්‍යාපන ආයතනය

ත්‍රිපිටක අධ්‍යාපන ආයතනය

භික්ෂූන් වහන්සේලා සඳහා ත්‍රිපිටකය, අට්ඨකථා, ටීකා, පාලි භාෂාව හා ඉංග්‍රිසි භාෂාව ආදි විෂයන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් අධ්‍යාපනය ලබා දීමට නිර්මාණය කෙරෙන භික්ෂු අධ්‍යාපන ආයතනයකි. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ආරණ්‍යවාසී භික්ෂු චර්යාවන්ට හුරුකරවීම මෙම අධ්‍යාපන ආයතනයේ දී සිදු කෙරේ. පිණ්ඩපාතය වැඩම කිරීම, භික්ෂූන් වහන්සේලාට අදාළ වත්පිළිවෙත්වලට හුරු කරවීම, උපෝසථකර්මය ආදි විනයකර්ම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දීම, සමථවිපස්සනා භාවනාවට හුුරු කරවීම, ආචාරශීලී භික්ෂු ඇවතුම්-පැවතුම් හුරු කරවීම ආදිය අධ්‍යාපනට අමතරව ප්‍රධාන වශයෙන් ලබා දීමට අපේක්ෂා කෙරේ. මෙමගින් ධර්මවිනයධර, සුපේසල, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා ලොවට දායාද කිරීම අපගේ අරමුණයි. සෑම වර්ෂයක ම භික්ෂූන් වහන්සේලා පනස් නමක් බඳවා ගැනෙන අතර වසර තුනක කාලයක් අධ්‍යාපන ලබා දෙනු ලැබේ. 2021 වර්ෂයේ මෙහි මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මේ මාහැඟි පින්කම සඳහා පින්වත් ඔබටත් දායක විය හැකි ය.

  • ත්‍රිපිටක අධ්‍යාපන ආයතනය සඳහා දායක වීමට ගිණුම් අංකය:
    84822488 පරමත්ථ පදනම, ලංකා බැංකුව, අනුරාධපුර.

පින්වත් ඔබ විසින් ලබාදෙන පුණ්‍යාධාර පිළිබඳ අපව දැනුවත් කිරීම අපගේ කටයුතු සඳහා පහසුවක් බව කාරුණිකව සලන්න.

  • විමසීම්: 0762141414/0760141414/0765141414/0772774640