136bet.com.br
1win.br.com
5winS.com.br
aviator.com.az
aviator-game.mw
investvostok.ru
oren-sarmats.ru
spicybet.com.br
tigrinho.br.com
urbanofficearchitecture.com
kidstravel2.com
okzhetpes.kz
prockomi.ru
provegas.ru
tiffany-plaza.kz
пинап
вавада зеркало
Skip to content Skip to footer

Language:
   

Preservation of Sinhalese Manuscripts

අප ගැන

පිහිටීම:
“පරමත්ථ” ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලබුනෝරුව ග්‍රාමසේවා වසමෙහි ලබුනෝරුවකන්ද ආශ්‍රිතව පිහිටා ඇත.

ආරම්භය හා පාලනතන්ත්‍රය:
1999 වර්ෂයෙහි මුල් භාගයෙහි භික්ෂූන් වහන්සේලා සිවු නමක් විසින් ආරම්භ කරන ලදී. ආරම්භක සාමාජික හිමිවරුන් අතරට අයත් පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍යපාද මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ යන හිමිවරුන් වර්තමානයෙහි මෙහි අනුශාසක පදවිය දරන අතර, උන්වහන්සේලාගේ ශිෂ්‍යවර ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ සේනාසනාධිපති ධුරය දරමින් කටයුතු කරති.

පැවැත්ම හා අධ්‍යාපනය:
අලිඇතුන්, ඌරන්, මුවන්, ගෝනුන් ආදී වනසතුන්ගෙන් ගැවසුණු රමණීය, නිසන්සල, වනගත පරිසරයක් තුළ පිහිටි මෙම සේනාසනයෙහි භික්ෂූන් වහන්සේලා 50 නමක් පමණ නේවාසිකව වැඩවාසය කරති. උන්වහන්සේලා ආරණ්‍යවාසී භික්ෂු චර්යා ප්‍රගුණ කරමින් භාවනානුයෝගී දිවිපෙවෙතක් ගෙවති. භික්ෂූන් වහන්සේලාට අදාළ වත්පිළිවෙත් කිරීම, පිණ්ඩපාතය වැඩම කිරීම, උපෝසථ කර්ම ආදී විනය කර්ම සිදු කිරීම මගින් උත්තරීතර ශීල පාරිශුද්ධතාවය ගොඩනන්වා ගැනීම, සමථවිපස්සනා භාවනා ප්‍රගුණ කිරීම මගින් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගැනීම මෙහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමුඛ අරමුණ හා කාර්යභාරය වේ.

භාවනානුයෝගී ජීවිතයට අමතරව මෙම ස්වාමීන් වහන්සේලා සඳහා ත්‍රිපිටක ධර්මය, අට්ඨකථා, ටීකා හා පාලිභාෂාව උගැන්වීම සිදු කෙරේ. මෙයට අමතරව ශ්‍රී සුමංගල ගුණානුස්මරණසභාව – විද්‍යොදය මහාපිරිවෙණ මගින් පවත්වනු ලබන ත්‍රිපිටකාචාර්ය උපාධිය ආදි කොට ඇති ත්‍රිපිටක උපාධි සඳහා ද කුඩා හිමිවරුන් උදෙසා ප්‍රාචීන පණ්ඩිත උපාධි පරීක්ෂණ සඳහා ද අධ්‍යාපනය ලබා දීම සිදු කෙරේ. යථෝක්ත ත්‍රිපිටක අධ්‍යාපනය හා ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාදීම ශාසනානුකූල දිවිපැවැත්මක් යටතේ නිස්සරණාධ්‍යාශයෙන් සේනාසනය තුළ දී ම සිදු කෙරේ.

ශාසනික හා සමාජ සේවා:
සම්බුද්ධශාසනයේ උන්නතිය හා සුරක්ෂාව සඳහා මෙම සේනාසනය විසින් කාලීන සමාජ තත්වයන් හා අනාගතය විශ්ලේෂණය කරමින් එළඹෙන නිගමනයන්ට අනුව පුලුල් වැඩපිළිවෙළ දියත් කරනු ලබයි. ලෝකයට ඉතා වටිනා උරුමයක් වන ත්‍රිපිටක ධර්මය හා බෞද්ධ ඉතිහාසය විකෘති වන්නට නොදී ආරක්ෂා කිරීම අපගේ ප්‍රධාන කටයුත්තක් වේ. මෙම වටිනා ධර්ම සාහිත්‍යය හැදෑරීමට උනන්දුව ඇති කිරීම සඳහා ත්‍රිපිටක පොත් කට්ටල නොමිලේ බෙදා දීම සිදු කෙරෙන අතර, වඩාත් පහසුකම් සහිතව ත්‍රිපිටකය කියවා ගැනීම සඳහා නූතන තාක්ෂණය භාවිත කරමින් ලොව ප්‍රථම වරට ත්‍රිපිටක ටැබ් නිර්මාණය කොට මහා පරිමාණයෙන් භික්ෂූන් වහන්සේලා වෙත නොමිලයේ බෙදා දීම ද අප විසින් සිදු කරනු ලබයි. ගිහි පින්වතුන් උදෙසා ද ත්‍රිපිටක ටැබ් ලබාගැනීමට අවස්ථාව ඉදිරියේ දී සැලසෙනු ඇත. ලොවපුරා පවතින ඉපැරණි පුස්කොළ micro film කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ මේ වන විට සිදු කරමින් පතින අතර එම ඡායා පිටපත් අධ්‍යයනය සඳහා ලොවපුරා පර්යේෂණ කාර්යාවලියෙහි නියුතු විද්‍යාර්ථීන්ට අවස්ථා සලසා දීම නුදුරෙහි දී ම සිදු කරනු ලබයි. තව ද අපගේ ඉපැරණි සාම්ප්‍රදායික උරුමයක් වන පුස්කොළ පොත්කරණය අනාගතයට ද උරුම කොට දීම සඳහා සාම්ප්‍රදායික පුස්කොළපොත්කරණය ද සිදු කරමින් පවතින අතර, වඩාත් ඵලදායී ලෙස ත්‍රිපිටකය සමාජගත කිරීම සඳහා ත්‍රිපිටකය, අට්ඨකථා හා ටීකා පරිගණක ගත කිරීම ද මේ වන විට සිදු කරමින් පවතී. එසේ ම භික්ෂූන් වහන්සේලාගේ ධර්මවිනයඥානය වර්ධනය කිරීම හා උද්‍යෝගීබව වර්ධනය කිරීම සඳහා නේවාසික හා පුලුල් වැඩසටහන් සංවිධානය කිරීම ද සිදු කරනු ලබයි.

දෙස්විදෙස් බෞද්ධ සැදහැතියන් උදෙසා පොහෝදින වැඩසටහන්, ධර්ම දේශනා කිරීම, භාවනා වැඩසටහන් දියත් කිරීම ආදි කටයුතු ඔස්සේ සාමකාමී දැහැමි ජනසමාජයක් ගොඩනැන්වීම උදෙසා කටයුතු සිදු කෙරේ. දිළිඳු පවුල් සඳහා ආධාර ලබා දීම හා එවැනි පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපන පහසුකම් ලබා දීම ද සිදු කරනු ලැබේ. ජාතික අපදා තත්වයන්හි දී අවතැන් හා අසරණ වූ ජනතාව උදෙසා විවිධ ආධාර උපකාර සැපයීම ද අපගේ කාර්ය අතර වේ.

පරිසර සංරක්ෂණය සඳහා වාර්ෂික රුක්රෝපණ වැඩසටහන් දියත් කිරීම, වනාන්තර හා වනසතුන් ආරක්ෂා කරගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙන් ම ප්‍රායෝගිකව ම මැදිහත් වීම ද සිදු කෙරේ.

වනසතුන්ගෙන් පිරුණු සුන්දර පරිසරයක් හා දැහැමි සිතුම් පැතුම්වලින් යුක්ත සාමකාමී ජනසමාජයක් බිහි කිරීම සඳහා මන් තැනීම අපගේ අපේක්ෂාවයි.

සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං – ඒතං බුද්ධානසාසනං

“සියලු පව් නොකිරීම ද කුසල් උපදවීම ද තම සිත දමනය කිරීම ද යන මෙය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි”.

අපගේ ගුරුදෙවියෝ

පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ

ප්‍රධාන ධර්මාචාර්යන් වහන්සේ

පූජ්‍යපාද මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍යපාද

පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍යපාද

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2026.   labunoruwakanda@gmail.com

Siente la calidez de la victoria en Ardente Casino, la plataforma que inyecta pasión a cada una de tus jugadas. Con un motor de juego de última generación y una estética cautivadora, elevamos el estándar del iGaming para ofrecerte botes espectaculares dentro de un marco de confianza y profesionalidad inigualable.

Únete a la comunidad de Nomini y vive una aventura frutal cargada de cashback y giros gratis semanales. Este casino se distingue por su enfoque creativo y una atención al cliente dedicada, convirtiendo cada visita en un viaje lleno de color, transparencia y múltiples posibilidades de ganar a lo grande.

El horizonte de la fortuna brilla con más fuerza en Wonaco, el espacio ideal para quienes buscan el equilibrio perfecto entre lujo y tecnología. Descubre mesas exclusivas y una gestión de pagos de élite, todo diseñado para satisfacer las demandas de los jugadores que buscan un casino seguro con un toque de clase internacional.

Transforma tus giros en un evento de gala en Billionaire Spin Casino, donde la generosidad y el lujo son las reglas de oro. Te ofrecemos un acceso privilegiado a las innovaciones más potentes del sector, asegurando que tu experiencia de juego sea siempre segura, emocionante y digna de un verdadero multimillonario.

Step into the exciting world of Zoome Casino, where innovative slots and table games create endless entertainment and opportunities to win big.

Discover a premium gaming experience at Joo Casino, offering a wide variety of pokies, live dealer games, and generous promotional offers for all players.

Engage with interactive tournaments and exclusive rewards at Digits 7 Casino, where every spin can bring excitement and big wins.

Enjoy a diverse collection of games and immersive live casino action at Primaplay Casino, designed to provide both fun and lucrative experiences for players.

kumar bahis siteleri
pin up casino
online kaszinó
1 win
chicken road
22warriors.org
costacoffee.kz
edinburghgrosvenorhotel.co.uk
humanics-es.com
iuorao.ru
pin up
1win скачать