Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර් 20 × 4.5
පත් ඉරු අංකනය නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් ටං ටං ගල්ලලලා කෙහෙස්බත් මොහොස් කුල්ලාලලලා කෙහෙස්බත් මොහොස් ඉර මඬල පිපිරීයන්
සඳ මඬල පිපිරියන් සූර්‍ය්‍ය දිව්‍ය රාජයිනෙන් සූරිය මඬලේ පිපිරි ගියා ආඥාවෙන් ආනුබාවෙන් අදත් මා
දෙස බලා එන යකුන් යක්‍ෂනියන්නේ කටින් පෙන දමා නාසෙන් ලෙ දමා එලා සිටි අන්ගන් වලිපපු සිවශර

පිසසන් නටනවාට නූල් මතුර බඳිනු ෴ නටවන්ඩ දුමමල මතුරනු ෴ අලියා වලහට මතුරනු ෴ අලින්
එන මන්කඩ ගල් මතුර එලනු ෴ අන්ගන් පිලලුවලට හඳුන් මතුර බුලතේ ගා අකුලා ඉන තියනු ෴
අන්ගන් පිලලු එනවා පෙනෙ යි ෴ හරවලා අරින කල බුලත දිග ඇර හඳුන් බඩෙ ගැවෙන්ඩ තියා ඉදිනු
එවු අයට පෙරලෙ යි ෴ අග දැහැනවලින් එකක්වත් සිහි කර අනුන් දුන් බත බුලත් වලඳනු ෴ වින
ඇරි රත් පාට වෙයි ෴ සියළු දේට යහපොතී ෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com